මත්තල ගුවන් තොටුපලෙන් යළි ගුවන් ගමන් ආරම්භ කරමින්  රුසියාවේ Domodedovo ගුවන් තොටුපලේ  සිට සංචාරක ගුවන් මගින් 401 දෙනෙකු රැගත් WZ3077 දරණ  ගුවන් යානය ඊයේ (28) දහවල්  12.12ට මත්තල ජාත්‍යන්තර  ගුවන් තොටුපොළට පැමිණියේය.
මත්තලින් දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස උණවටුන , බේරුවල, හික්කඩුව ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නිනියමිතය .
සංචාරකයින් රැගෙන පැමිණි ගුවන් යානය කාර්ය මණ්ඩලයේ 29 දෙනා සමග  පස්වරු 14.10ට  යළි රුසියාවේ SAMARA ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසර කෙරුණි.
ණුවන් ජයසේකර



