මත්තල නැවතත් ජාත්‍යන්තරට විවෘතයි


රුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ‌‌ හරහා ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ මාස කිහිපයකට පසුව වෙයි. මෙම ගුවන් සේවය ජනවාරි මාසයේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සතියකට ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Recommended Articles