මත්තල ගුවන් භාණ්ඩ අපනයනය පිළිබද සොයා බැලේ


මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සදහා මූලික අධ්‍යයන චාරිකාවක් ඊයේ (12)  දින මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ දී ක්‍රියාත්මක විය .

මේ සදහා ගුවන් භාණ්ඩ අපනයන සමාගම් , ගුවන්  සමාගම් සහ ගුවන් භාණ්ඩ අපනයන සංවිධාන වල නියෝජිතයන් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර , එම සමාගමේ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී සුමිත් ද සිල්වා , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ නිලධාරීන් ද සහභාගී වී සිටියහ .

මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ අපනයනය සදහා ඇති පහසුකම් , අවශ්‍යතාවයන් සහ සංඛතාවයන් හදුනා ගැනීම මෙම චාරිකාවේ දී සිදු විය .



Recommended Articles