මත්කුඩු ගිලදැමු කත මරුට


මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින්  හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලට ඇතුලත් කොට සිටියදි අද (16) මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ හදුන්නෙත්ත චාන්දනි නැමති මුණුගොඩපාර කළුපේ ප්‍රදේශයේ පදිංචිකාරියකි

හික්කඩුව පොලිසියේ  පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්  කණ්ඩායමක් විසින් කළුපේ ප්‍රදේශයේ  දි කරණු ලැබු වැටලිමකදි හෙරොයින් ග්‍රැම් 02ක් හා මිලිග්‍රැම් 185ක් සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබිය.

ඇය සන්තකයේ තිබි රුපියල් 18,160ක් මුදලක්ද පොලිසිය මගින් සොයාගනු ලැබිය. මේ සම්බන්ධව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් බලපිටියව අධිකරණය වෙත කරුණු වාර්තා කොට ඇත

මෙම තැනැත්තිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  ඇය විසින් සගවාගෙන සිටි හොරායින් මත්කුඩු පැකුට්ටුවක් ගිල දැමිම හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණු ලැබිය.

ඇය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අද පස්වරුවේ මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය හෙට (17) කරාපිටිය ශික්ෂණ රෝහලේ දැ පැවත්විමට නියමිතව තිබුණි.

 

 



Recommended Articles