ශ්‍රීලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබු විශේෂ සොදිසියකදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් වල තිබී කුස් ගංජා නැමති මත් ද්‍රව්‍ය තොගයක් හා මත් පෙති තොගයක් අද(15දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.
බ්‍රිතාන්‍ය, ජරමනිය හා කැනඩාව යන රටවලින් ලංකාවේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල ලිපිනයන් වලට මෙම මත් ද්‍රව්‍ය එවා තිබිණි. ඒ අනුව රුපියල් මිලියන නවයකට අධික වටිනාකමකින් යුත් කුස් ගංජා මත් ද්‍රව්‍ය ග්‍රෑම් 472ක් හා Ectasy නැමති මත් පෙති 302ක් මෙලෙස ඒවා තිබේ. පාර්සල් වල ලිපිනයන් පරීක්ෂා කිරීමේදී එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව රේගුව අනාවරණය කර ඇත. අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය පිළිබඳ මුලික රේගු විමර්ශනයකින් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා මත් ද්‍රව්‍ය තොගය ශ්‍රිලංකා පොලීසියේ මත් ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා



