මත් කුඩු සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට


පෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය පවසයි.

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කාන්තාවක් විසින් මෙම හෙරොයින් තොගය ලබා දුන් බවට පැවසීමත් සමග අදාළ කාන්තාවද පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා සැකකාරිය අද (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles