මඩු මංගල්‍යයට පිට බැතිමතුන්ට අවසර නොලැබෙයි


මෙවර මන්නාරම මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පිට පළාත් වල කිසිදු බැතිමතෙකුට සහභාගී වීමට අවසර ලබා නොදෙන බව මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලිද මෙල් මහත්මිය කියා සිටියාය.

ඒ අනුව ලබන 14 හා 15 යන දිනවලදී පැවැත්වෙන වාර්ෂික මඩු මංගල්‍යයට මන්නාරමේ බැතිමතුන් සහභාගී කරවා ගැනීමද සීමා කිරීමට සිදු වන බව මන්නාරම දිසාපතිවරිය ප්‍රකාශ කළාය.

 



Recommended Articles