මඩකලපුවේ වියළි කාලගුණය නිසා ගැටලු උග්‍ර වෙයි


මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය සති කිහිපය පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් විල්, පොකුණු, ඇළ දොළ සහ කුඩා වැව් සම්පූර්ණයෙන්ම සිඳී යමින් පවතින අතර, මේ හේතුවෙන් ගොවීන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

තෘණ භූමි වියළී ගොස් ඇති බැවින් පශු සම්පත් සඳහා අවශ්‍ය ආහාර හිඟ වී ඇති අතර, ගවයන් ඇතුළු සතුන් ආහාර නොමැතිව දැඩි පීඩාවකට පත්ව සිටින අයුරුද දැකගත හැකිය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින බැවින් කෘෂිකාර්මික කටයුතුද දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ.

 තම කුඹුරු ඉඩම්වලට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති හෙයින් ගොවීන්ට කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට නොහැකිව දැඩි අසීරුතාවන්ට මුහුණදීමට සිදුව තිබේ.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන්ට නිවෙස්වලින් පිටතට පැමිණීමට පවා අපහසු වී ඇති අතර, විවිධ සෞඛ්‍ය ගැටලුවලටද මුහුණදීමට සිදුව ඇති බව සඳහන් වේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාව නිවෙස්වලින් බැහැරට නොපැමිණීම නිසා ප්‍රදේශයේ මාර්ගද ජනශූන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

වැව් සිඳී යාම හේතුවෙන් ධීවරයින්ද දැඩි දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටින අතර, ඇළ මාර්ග සහ ජල මාර්ග වියළී යාම හේතුවෙන් ගොවීන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

 



Recommended Articles