මඩකලපුවට දින 2කදී 341MM වර්ෂාපතනයක්


මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් දිස්ත්‍රික්කයේ බොහෝමයක් පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 48 තුළ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තාවන වර්ෂාපතනය මිමි 341 ක් බව දිස්ත්‍රික් කාලගුණ  නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මඩකලපුව ජවුෆර් ඛාන්



Recommended Articles