මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිරියට පවත්වාගෙන යනවා - ජනපති


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

අද පෙරවරුවේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Recommended Articles