මඩකලපුව බන්ධනාගාර සිරකරුවෝ දින දෙකක දිවා ආහාරය ආපදා ජනතාවට කැප කරති


මෑත කාලීන ගංවතුර හා නායයෑම් වලින් පීඩාවට පත් ජනතාවට සහන වශයෙන් මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 823 දෙනෙකු දින දෙකක දිවා ආහාර පරිත්‍යාග කළහ.

සහල් කිලෝග්‍රෑම් 325 ක්, සෝයා කිලෝග්‍රෑම් 100 ක්, සීනි කිලෝග්‍රෑම් 50 ක්, පරිප්පු කිලෝග්‍රෑම් 50 ක්, පොල් කිරි පවුඩර් කිලෝ 52 ක්, තේ කිලෝග්‍රෑම් 6 ක්, මඩකලපුව බන්ධනාගාරයේ පැවති උත්සවයකදී සිරකරුවන් සහල් වැනි ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර අධිකාරී එන්.ප්‍රභාකරන් වෙත භාර දුන්හ.

බන්ධනාගාර අධිකාරී ප්‍රභාකරන් විසින් සිරකරුවන්ගේ සහනාධාර ද්‍රව්‍ය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙන ගොස් දිස්ත්‍රික් රජයේ නියෝජිත එම්.එස්.ජේ. අරුල්රාජ් වෙත භාර දෙන ලදී. මෙම උත්සවයට අතිරේක රජයේ නියෝජිතවරිය වන සුදර්ශිනි ශ්‍රීකාන්ත් මහත්මිය සහ අනෙකුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සහභාගී විය. සිරකරුවන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් දිස්ත්‍රික්  ලේකම්වරයා බෙහෙවින් අගය කළාය.

මඩකලපුව  වාර්ථාකරු  ට් එල් ජව්ෆර්කාන්



Recommended Articles