මඩකලපුව දුෂ්කර පළාත්වල සිසුන්ට ටැබ් පරිගණක


මඩකලපුව දුෂ්කර පළාත් වල සිසුන් සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසුන් දහසකට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම මඩකලපුව මෙතෝදිස්ත විද්‍යාලයේ දී සිදු කෙරුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 



Recommended Articles