මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින්ට කොවිඩ් එන්නත ලබා දෙයි


මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජකාරි කරන  පොලිස් නිලධාරින්ට කොවිඩ්  19 එන්නත ලබාදීම මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය අද ආරම්භ කරන ලදී.  

මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි  කාර්යාලයේ වෛද්‍ය  එස් කිරිසුදන් මුලිකත්වයෙන් ප්‍රථම අදියර ලෙස  මඩකලපුව  පොලිස් නිලධාරීන් හට  කොවිඩ් 19 එන්නත  ලබාදීම අද  පෙරවරුවේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ ආරම්භ කරන ලදී.

කොවිඩ් 19 එන්නත ලබාදීම මඩකලපුව සෞඛ්‍ය කාර්යාලයේදී සිදු කල අතර සෞඛ්‍ය වෛද්‍ය අධිකාරින් හා  හෙදියන් සෞඛ්‍ය නිලධාරින් සහභාගි විය.

ටි එල් ජ්ව්ෆර්කාන්



Recommended Articles