මඩකලපුව දන්නාමුනේ ජල ව්‍යාපෘතිය ඇරඹේ


මඩකලපුව දන්නාමුනේ ප්‍රදේශයේ රුපියල් කෝටි විස්සක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව දන්නාමුනේ ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්ද්‍රන් මහතාගේ ඉල්ලීමකට අනුවයි.

පන්දහසකට අධික පවුල් සංඛ්‍යාවකට මෙමගින් පානීය ජල පහසුකම සැපයීමට හැකි වනවා.

 

 



Recommended Articles