මගුරු ගඟේ ගිලී තරුණයෙක් මරුට


මිතුරන් පිරිසක් සමඟ  මගුරු ගඟේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් ඊයේ දියේ ගිලී මියගොස් ඇතැයි  බදුරලිය පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම ,ගුරු දොල  දේවාල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි එම් රවිඳු  උදාර තරුණයා ය.

මියගිය තරුණයා සහ ඔහුගේ මිතුරන් පිරිස වොලිබෝල් එකක් ආධාරයෙන් මඟුරු ගඟ සෙල්ලම් කරමින් සිටියදී  ඈතට විසි වී ගියපු වොලිබෝලය ගැනීම සඳහා ගිය අවස්ථාවේදී ඔහු  දියේ ගිලී අතුරුදන් වී තිබු බව පොලිසිය කියයි

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව  අතුරුදන් සිසුවා සොයාගෙන රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් තිබූ බව බදුරලිය රෝහලේ   ප්‍රකාශකයෙක් පැවසීය.

බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ 



Recommended Articles