මග මරුවාට බිලිවෙන සියයට 15ක් අවුරුදු 16ට අඩු දරුවන්


මේ රටේ සිදුවන මාර්ග  අනතුරු වලින් 15%ක් ම මිය යන්නේ වයස අවුරුදු  16 ට අඩු දරුවන් විම වර්තමානයේ රට මුහුණ පා ඇති බරපතල  ඛේදවාචකය  වි ඇතැයි මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය  සමන් ඩි අතුකෝරළ  මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා වෙද්‍ය සංගමය හා අධ්‍යාපන  මාත්‍යාංශය ඒකා බද්ධව ලංකාව තුළ පාසල් මාර්ග ආරකර්ෂන සතිය නිමිත්තෙන් ශ්‍රි ලංකා වෙද්‍ය සංගම් දේශන ශාලාවේ පැවැති දේශනය කට එක් වෙමිනි.

ගෙවිගිය වසරේ සිදුවු රිය අනතුරුවලින් වයස අවුරුදු 19 අඩු ළමයින් 400ක් මිය ගොස් ඇතැයි පෙන්නා දෙන ඒ මහතා එය සමස්ථ අනතුරුවලින් මියගිය සංඛ්‍යාවකින් 15% ක් වි ඇතැයි  පෙන්වා දෙයි.

ගෙවිගිය වර්ෂයේ රිය අනතුරුවලින් මියගිය ගණන 2515 ක බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 

 



Recommended Articles