මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි


මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම විශේෂ වැඩසටහනක් එළැඹෙන 14 දා උදෑසන 6.00 සිට 16 දා උදෑසන 10 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක ක්‍රියාමත්මක වෙයි.

01 ශ්‍රී ජයවර්ධනපුර මාවත, පොල්දූව හන්දිය සිට හෝර්ටන් පෙදෙස  හෝර්ටන් වටරමුව දක්වා මාර්ගය,

02 බේස්ලයින් පාර, කැළණි පාලම සිට හයිලෙවල් පාර හන්දිය දක්වා මාර්ගය.

03 හයිලෙවල් පාර, අනුලා විද්‍යාලය අසළ සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, තුල්මුල්ල වටරවුම, තර්ස්ටන් පාර, මාක්ස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර හන්දිය, පිත්තල හන්දිය දක්වා මාර්ගය.

04 ගාලු පාර, විලියම් හන්දිය සිට ගාලු මුවදොර වටරමුව, ගාලු මැද පාර එන්.එස්.ජී. වටරවුම දක්වා මාර්ගය.

යන මාර්ග වල මෙසේ මන්තීරු නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.



Recommended Articles