මංගල සාදයක් පැවැත්වු පිරිසක් නිරෝධායනයට


සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 20 දෙනෙකු දින 14 කාලයක් නිරෝධායනය සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මොවුන්ගේ නිරෝධායන කාලය නිම වු පසු නිරෝධායන නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.



Recommended Articles