මංගල සමරවීර CID යට කැඳවයි


හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

අද පස්වරු 1.45 ට  ඒ මහතා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පුත්තලමේ අවතැන් වු ජනතාව පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම  සඳහා   බස් රථ 22 න් පුත්තලමේ  සිට  මන්නාරම දක්වා රැගෙන යාමට  රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍යවරයා මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 



Recommended Articles