භූමිතෙල් සඳහා සෘජු මුදල් සහනාධාරයක් ධීවරයින්ට සහ අඩු ආදායම්ලාභීන්ට


භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක සිට සිදුකළ යුත්තක් වන අතර සහනාධාර මිලට භූමිතෙල් විකිණීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ද එක් හේතුවක්  බව අමාත්‍යවරයා සඳහන් කරයි.

භූමිතෙල් ලීටරයක මිල ඊයේ (21දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 253 කින් ඉහළ නැංවූ අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340 කි. 



Recommended Articles