භූමිතෙල් ලිටර් 6600 ගන්න 2000ක් පෝලිමේ


හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ පිරවුම්හලට සති කිහිපයකට පසු භූමිතෙල් ලැබීමෙන් පසු එම භූමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට අද (26දා)  පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් පෝලිමේ රැඳි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.   

හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගෑස් හිඟයත් සමග භූමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පෝලිමේ රැඳි සිටින බව පාරිභෝගිකයන් පැවසීය.

පාසල් නිම විමෙන් පසු ගුරුවරුන්ද භූමිතෙල් මිල දි ගැනිමට පොලිම් වල රැදි සිටි අතර ,එක් පාරිභෝගිකයෙකුට භූමිතෙල් රු 500ක නිකුත් කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන ඇත.

 



Recommended Articles