කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28දා) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හීනටියන්ගල,කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් සාදික් නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.
භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිටි ඔහු අද පස්වරු 2.00 ට පමණ ඇද වැටී ඇති අතර 1990 ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයා රෝහල රැගෙන එන විට මියගොස් ඇති බවට වෛද්‍යවරු දැනුම් දී ඇතැයි පොලිසිය සදහන් කරයි.
පානදුර සුමිත් පොතුපිටිය