භූගත පරික්ෂණ සිදු කළ හැකි ගුවන්යානයක් ශ්‍රි ලංකාවට


ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7)  දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියාසලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සදහන් වේ .

මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර , ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි .

මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර , ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ .

මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන 7/09 දින , පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය .

මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා  , ජපානයේ පැවති ජී.- 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණි .

කටුනායක - ටි.කේ.පි කපිල

 



Recommended Articles