භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම ඉහළට


පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිය ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී සජ්ජන ද සිල්වා මහතා පවසනවා.

කොරෝනා වසංගතය මධ්‍යයේ මෙම තත්ත්වය ඇතිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

බලපත්‍ර ලාභීන්ට ඔන්ලයින් ක්‍රමය හරහා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ දී පැවැත්වුණා.

බලපත්‍ර ලාභීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. ඔන්ලයින් සේවාව හරහා කාර්යක්ෂමව කටයුතු සිදුකිරීමට හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියාසිටියේ.

 



Recommended Articles