මාස දෙකකට පමණ ඉහතදී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පැවති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ පහර කෑමට ලක් වූ හිමිනමක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ අනුරාධපුර පිහිටිි. ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ තුන්වන වසරෙ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි හිමිනමකි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ හන්තාන , ඇතිවිට, උමුන්පිටිය, බෝධාගම සහ මිහින්තලේ යන ප්‍රදේශ වල පදිංචි ශිෂ්‍ය භික්ෂූන් පිරිසකගේ පහර කෑමට ලක් වූ මෙම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඊයේ 29දා වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
තමන් වහන්සේ විශ්ව විශ්ව විද්‍යාලයේ පැවති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් මෙම භික්ෂූන් වහන්සේලා තමාට අතින් පයින් පහරදී තුවාල සිදු කල බව තුවාල ලැබූ එම භික්ෂුන් වහන්සේ පොලිසියට ලබා දුන් ප්‍රකාශ වල සටහන්වේ.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එම පහරදීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මෙහෙයවති.