භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැන උඩරට දුම්රිය ධාවනයට බාධා


හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී අද 23 සවස දුම්රියක් පීළී පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

නුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙසේ පීලි පැන තිබේ. මේ හේතුව නිසා අද රාත්‍රී බදුල්ල සිට කොළඹ බලා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රියයන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව  කියයි. 

දීර්ඝ නිවාඩුවක් එළඹී තිබීම හේතුවෙන් දුම්රිය මගීහු ද වැඩි වී තිබේ. 



Recommended Articles