භාණ්ඩ නිවසටම ගෙනත් දෙන නව ක්‍රමවේදයක් තැපැල් දෙපාර්තමේන්තුවෙන්


වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේ මීට පෙර අදාළ ක්‍රමය යටතේ භාණ්ඩහිමියා තැපැල් කාර්යාලයට පැමිණ භාණ්ඩයට මුදල් ගෙවා ලබාගත යුතුව තිබු බවයි.

නමුත්, නව ක්‍රමවේදය යටතේ භාණ්ඩය ප්‍රවාහන ගාස්තු සහිතව ලබන්නාගේ නිවසට ගොස් භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටිනවා.

 



Recommended Articles