බෝට්ටුවක් පෙරළිමෙන් දෙදෙනෙකු අතුරුදහන්


මීගමුව පොලිස් වසමේ කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව තිබේ.

කුඩා බෝට්ටුවකින් එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (28) උදෑසන ධීවර රැකියාව සඳහා ගොස් ඇත.

අතුරුදන් වු ධීවරයින් සොයා මීගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 61 හා 60ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අතුරුදන්වුවන් සොයා නාවික හමුදාව හා මීගමුව පොලීසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 



Recommended Articles