බෝට්ටුවක් පෙරලී මසුන් සමග මුහුදට ගහගෙන ගිහින්


වාද්දුව පොතුපිටිය මුහුදු වෙරලෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරලී මසුන් සමග මුහුදට ගහගෙන ගොස් ඇති අතර, ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ නෙත්දුල පුතා නමැති එක්දින යාත්‍රාවෙන් මුහුදු ගිය වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත කුමාර, එම් සාෆී සහ සංජය කුමාර නමැති පුද්ගලයන් තිදෙනෙකු බව සදහන්වේ.

ඔවුන් තිදෙනා අළුයම මුහුදු ගොස් ඇති අතර, මසුන් අල්ලා නැවත ගොඩබිමට එමින් සිටියදී පෙරලී ඇති අතර, තවත් ධීවර යාත්‍රාවකින් ගොඩගෙන ඇති බවත් , යාත්‍රාව මුහුදට ගහගෙන යමින් සිටියදී වස්කඩුව ප්‍රදේශයේ දී ගොඩගෙන තිබුණි.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles