බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැග විරෝධතාවයක


බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් හත් සියයක් පමණ බන්ධනාගාර වහලය උඩ නැග මේ වන විට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ .

එම බන්ධනාගාරය තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වූවන් දිනෙන් දිනම වාර්තා වීමත් සමඟ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධරයන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය දක්වමින් එසේ එම පිරිස වහලෙ උඩ නැග විරෝධතාවයක නිරත වෙමින් සිටී .

පි.සි.ආර්. පරීක්ෂණ සිදුකරන රැඳවියන් ද සාමාන්‍ය රැඳවියන් සමඟ රඳවා තැබීම සම්බන්ධයෙන් ද විරෝධතාවයේ රැඳවියන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

 



Recommended Articles