බෝගම්බර බන්ධනාගාරයේ පළා ගිය රැඳවියා අත්අඩංගුවට


බෝගම්බර පැරණි බන්ධනාගාරයේ අඩි විස්සක් පමණ උසැති බැම්මෙන් පැන පලාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

එම රැඳවියා බෝගම්බර බන්ධනාගාරය ආසන්නයේ දුම්රිය පොල මාර්ගයේ ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල භූමිය තිබූ කෙසෙල් පඳුරක් තුනක් සැඟව සිටියදී අ​ද (18) පස්වරු 3.00 ට පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කාර්යාලය සේවකයෙකු එම පුද්ගලයා දැක පොලිසියට පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ය .

එම රැදවියා බන්ධනාගාරයෙන් පලා ගොස් ඇත්තේ අලුයම 12 ට පමණ වන අතර ඒ අනුව පැය 15ක් පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටින්නට ඇති බව පොලිසිය කියයි .



Recommended Articles