බෝගම්බර ගම්මානය වසා දමයි


කෝවිඩ්  19 ‌ෙවෙරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්දන කමිටුවේදි මෙම තිරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසිය.

ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හමුවිමත් සමග සෞඛ්‍ය අංශ විසින් එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමණ අද දිනයේ පි සි ආර් පරික්ෂණ වලට ලක් කල බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

 

 



Recommended Articles