බොහෝ කලක් සේවයට නොගිය හමුදා සාමාජිකයන්ට සහනයක්


ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට නොගිය සිටින හමුදා සාමාජිකයන් හට අද 20 සිට මැයි මස 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි.

ඒ අනුව  යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක් මෙහිදි ඉදිරිපත් කර තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ අවස්ථාව හිමි වේ.



Recommended Articles