බොහෝ අය වීරයන් වගේ කථා කළා අපි නම් LTTE පරාජය කළා කියලා


එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යනු වෙනස් සංවිධාන දෙකක් බවත් මේ අනුව ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ තත්ත්වය තුළ අපි පැහැදිලි ලෙස කලබල ලෙස ඉවසීමෙන් අර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

ජාතිවාදය හා ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. ත්‍රස්තවාදය අපට හොඳට හුරුයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි අහලා තිබුණේ මාධ යෙන් විතරයි. අවාසනාවන්ත ලෙස අත්විදින්න සිදුවුණා.

අයි.එස්. සංවිධානයේ දේශපාල අරමුණු දෙස බැලීමේද රටවල්වල පහරදීලා දේශපාලන අස්ථාවරත්වයක් හදලා, ජනතාව නොසන්සුන් කරලා ඔවුන් බලාපොරොත්තුවන කාර්යයන් ඉටුකරනවා. ඔවුන් මේ ප්‍රහාරය දෙන්නේ බටහිර දේශපාලන චින්තයන් හා බටහිර ආගමික දර්ශනයන් වෙනුවෙන්.

ඒ නිසා තමයි විශේෂයෙන්ම කිතුණු දේවස්ථාන වෙත පහරදුන්නේ. මම මත්ද්‍රව්‍ය විරෝධී සටන ගෙන යාමේදී ඉදිරියට ආපු කෙනෙක් තමයි අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ.  මීට සති තුනකට පමණ පෙර පෙළපාළියක පවා ඇවිල්ලා රැස්වීමක් තිබ්බා 4000කට වැඩියෙන්.

ඒ නිසා අයිඑස් පසුබිම ගත් විට අපි බොහෝ ප්‍රඥාවෙන් බුද්ධියෙන් මේවා ගැන බලන්න ඕන. අවස්ථාවදී දේශපාලනය අමතක කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා අයි.එස්. සංවිධානය අතර විශාල වෙනසක් තිබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ කථා කරන විට බොහෝ අය වීරයන් වගේ කථා කළා අපි නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළා කියලා.

මම මුලින් කිව්වේ ඇමෙරිකාවේ පෙන්ටගනය බේරා ගනන්ත් බැරිවුණා. ඇමෙරිකාවටත් මුහුණ දෙන්න බැරිවුණා. එල්.ටී.ටී,ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදි ජාත්‍යන්තරයේ සුළුතරයක් අපිට සහාය දුන්නේ. බහුතරයක් එල්.ටී.ටී.ඊ.ය පැත්තේ හිටියේ.බටහිර රටවල් සහාය දුන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.



Recommended Articles