බොල්ලතේ කුමාර අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග‍්‍රෑම් 2 ක් සමග අත්අඩංගුවට ගැනිමත් සමඟිනි. 

ඔහු මංකොල්ලකෑම් රැසකට සහ වෙඩි තැබීමේ සිද්ධියකට මෙන්ම පහරදීම් රැසකට සම්බන්ධ අයෙකු වේ.

 



Recommended Articles