බොරු සාක්ෂි දීම ගැන උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනය මහතාට එරෙහිව පවතින නඩුවට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් පෝද්දල, කිතුලන්පිටිය පදිංචි උප පොලිස් පරික්ෂකවරයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නඩුවට අදාළව මේ වන විට අපරාධ පරීකෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles