බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු හතළිහක් නිරෝධායනයට


බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු  නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  ස්ථාපිත කර තිබෙන  නිරෝධායන  මධ්‍යස්ථානය කරා යොමු කළ බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

මේ වන විට බොරැල්ල පොලිසියේ නිලධාරීන් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles