බොර තෙල් බැරලය යලි අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි


බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල නැවතත් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව අද (12) දිනයේ දී වාර්ථා වනවා. මෙය 9% කට වඩා වැඩි අගයකින් ඉහල යාමකි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය ඉරිදා පැවති ඉහළම අගය වූ අමෙරිකානු ඩොලර් 118 සිට ඩොලර් 88.97 දක්වා ඊයේ (11) පහත වැටී තිබුණා. ඒ් ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් විසින් යුද්දය ඉක්මනින් අවසන් කරන බවට සිදුකල ප්‍රකාශයත් සමගිනි.

කෙසේවෙතත් මැදපෙරදිග කලාපයේ නෞකා සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරානය සිදු කළ නව ප්‍රහාර මාලාව හේතුවෙන් යලිත් අද දිනය වන විට මෙසේ මිල ඉහළ අගයකට වාර්ථා විය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles