බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබූ සැකකරුට මිනීමැරුම් 15ක චෝදනා


ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ  පසුගියාදා සිදු කළ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15ක් සඳහා චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම ඔහුට ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීම ඇතුළු අපරාධ 59ක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හනුක්කාහි පළමු රාත්‍රිය සැමරීමේ උත්සවයකදී ඔස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 15ක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

 



Recommended Articles