බේරුවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 196ක් දක්වා ඉහළට


බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82න් ග්‍රාම නිලධාරී වසම් 50ක කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 196 දෙනකු අද (10) පස්වරුව වන විට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ .ජී. ඩී. චතුර මල්රාජ් මහතා මීට සුළු වේලාවකට පෙර පැවසීය.

දෙවන කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔක්තෝබර් මස 21ක වන දින සිට 28 දින දක්වාත් නොවැම්බර් 04 දින සිට දෙසැම්බර් 10 අද දින වනවිට දින 48ක කාලය තුලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් ආසාදිත රෝගීන් 196 දෙනෙකු වාර්තා වී ඇති බව කියයි.

අළුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles