බේරුවල වෙඩි තැබීමට කාන්තාවක් ඇතුළු 9ක් අත්අඩංගුවට


බේරුවල ප්‍රදේශයේදී ඊයේ (03දා) යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට වෙඩි තැබිමේ සිදුවිමට සම්බන්ධ එක් සැකකාරියක් හා තවත් සැකකරුවන් 8ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, උණ්ඩ 27, පතොරම් ගැබක්, මන්නා පිහි 3ක්, මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරුවන් විසින් කොල්ලකන ලද යතුරුපැදියද සොයාගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27, 31, 37, 39, 40,  හා 50 වැනි වියෝ  පසුවන්නෝ වෙති. ඔවුහු හෙට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



Recommended Articles