බේරුවල ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට


බේරුවල ප්‍රදේශයේ සිදු කළ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට බාධා කිරිමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශිය සභාවේ මුස්ලිම් කෙංග්‍රස් මන්ත්‍රී එම්.එන් .එම් හසීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ බේරුවල ප්‍රා.සභාවට අයත් මාලෙවන්ගොඩ මාර්ගයේ කාණු පද්ධතියක් හරහා අනවසර ඉදිකිරිමක් සිදු කරන බවට ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

එහිදි සැකකාර මන්ත්‍රීවරයා කලහකාරි ලෙස හැසිරිමෙන් පසු ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles