බේරුවල ප්‍රා.ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය තාවකාලිකව වසයි


අලුත්ගම ගාලූ පාරේ, බස්නාහිර පළාත් මායිමේ දී සිය කැමැත්තෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදුකරගත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් එම නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද(15) පැවසීය.

මේ වන විට ආසාදිත නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය පිහිටි කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු රාජකාරි කටයුතු ලබන සදුදා සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles