බෙලිඅත්තේ වෙළෙදසැලක ගින්නක්


බෙලිඅත්ත වලවෙල ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළෙදසැලක අද රාත්‍රී හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි පොලීසිය සැකකරන අතර ගින්නෙන් වෙළෙදසැලට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය කියයි.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව බෙලිඅත්ත පොලීසිය කියයි.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයක් සහ තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගනිමින් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කළේය.

අනිෂා මානගේ 

 



Recommended Articles