බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් අල්ලයි


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ  පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

අදාල සැකකරු නීතිඥ  මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු විසි හතර හැවිරිදිඹුල් ගොඩ අකුරැස්ස පදිංචිකරුවෙකි.

මොහු ඝාතනය සදහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.

බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ



Recommended Articles