බෙලරුස් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28දා) උදෑසන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් වෙයි.

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.

පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. මීට පෙර එක් වතාවක් බෙලරූස් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ආ අතර , මේ පිරිස එසේ බෙලරූස් සිට රැගෙන ආ දෙවැනි කණ්ඩායමයි.



Recommended Articles