බෙන්තොට මුහුදේ දිය නෑ රුසියානුවා දියේ ගිලී මිය යයි


බෙන්තොට පාරාදීස දූපතේ  සංචාරක හෝටලයක  නිවාඩුවක් ගත කිරීමට රුසියාවේ සිට සති දෙකකට මෙරටට පැමිණ සිටි  රුසියන් ජාතිකයෙකු  එම හෝටලය ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදී  දියේ ගිලී  මියගොස් ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  රුසියන් ජාතික විවාහකයෙකු වන  වෑන්කොව් ආයුර්ල්(46) මහතා බව  පොලිසිය කියයි .

තම බිරිඳ සමඟ  ලංකාවට පැමිණ  බෙන්තොට ප්‍රදේශයේ  සංචාරක හෝටලයක සිටියදී  ඊ‍යේ (09දා) පස්වරු  මෙලෙස එම විදේශිකයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ .

විදේශිකයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10දා) සිදුකිරීමට නියමිත අතර  මෘත ශරීරය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇත .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles