බූස්ටර් මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 50 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වෙයි.

ශ්‍රි ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නතයි. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයන් 30253ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබුණි.



Recommended Articles