බුද්ධි තොරතුරකින් රු. කෝටියක බීඩි කොල අත්අඩංගුවට


යුද හමුදා බුද්ධි තොරතුරක් අනුව ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොල කිලෝ ග්‍රෑම් 2170ක් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා බුද්ධි අංශය හා මීගමුව අපරාධ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නාශක අංශය සමත්ව තිබේ.

යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව එම බීඩි කෙළ තොගය බෝපිටිය ප්‍ර දේශයේ රහසිගතව සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නීති විරෝධී භාණ්ඩ තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි අසූපන්ලක්ෂයක් වන අතර බීඩි කොළ සඟවා තබා ගත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles