බීමත්ව කාන්තාවකගේ නිවසට ගොස් එම කාන්තාවට අතවර කල චීවරධාරියෙකු අල්ලයි


අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ  පිහිටි තම නිවසට අයුතු  ලෙස ඇතුළු වී, බීමත්ව ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකාර එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවාය , බුදුරුවගල ප්‍රදේශයේ  විහාරස්ථානයක වැඩ වාසය කල බව කියන චීවරධාරියකි.

5හේ ඇල, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබුණි.එම පැමිණිල්ලට අනුව අනුරාධපුර පොලිසියේ රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදී සිටි උප පොලිස්  පොලිස් පරීක්ෂක සාගර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට වෙන තිබුණි.

මෙම හිමි නමගේ බීමත්කම පරීක්ෂා කිරීම සඳහා අනුරාධපුර  මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට  නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති. 


 

 



Recommended Articles